පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි.
ඌන භාවිත නීතියකි.
ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම නැත්නම් වධහිංසා දුන්නත් ඒ අයට විරුද්ධව ඔබ පොලිසියට පැමිණිලි කලොත් හා නීතිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කලොත් නීතිපති තුමා ඉහත නීතීය යටතේ එම රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්න බැඳිලා ඉන්නවා. අපි කරන්න ඔනා එතනට රටේ නීතීය තල්ලු කිරීමයි, එහෙම කලොත් අපි කාට උනත් සතුටින් ඉන්න පුලුවන්.
මේ පනතට ලෝකෙට එන්නේ 1984 එක්සත් ජාතීන්ගේ වධහිංසනයට එරෙහි සම්මුතිය ආශ්‍රයෙන් UNCAT හා එයට අත්සන් කිරීම නිසා එය රටේ නීති පද්ධතියට ඇතුලත් කර ගන්න බවට ඇතිවු එකඟතාවෙන් පනත ආරම්භ කරන්නේ රනිල් ගේ යු ඇන් පී කාලේ හා පනත සම්මත වෙන්නේ චන්ද්‍රිකා ගේ ශ්‍රී ලංකා කාලේ.
මේක 1994 ලොව පුරා බලාත්මක වීමට තමයි කටයුතු කරල තිබුනේ
මෙ පනතේ විශේෂය තමයි මේක ජාත්‍යන්තරව පිලිගත් ප්‍රමිතීන් වලට අනුකූල පනතක් වීම ඒ වගෙම සමහර රටවල් මේ පනත තමනට ඔනා විදියට අඩු වැඩි කර ගත්තා.
එහෙම කරන කොට එක්සත් ජාතීන්ගේ පනතේ 3 වන්න වගන්තිය අපේ රටේදී ඉවත් කරා.
තවත් සමහර රටවල් වෙනත් වගන්ති ඉවත් කරා ඒ හින්දා ජාත්‍යන්තර පනතක් වශයෙන් රටවල් මේක තම රටේ නීතිය යටතේ සම්මත කලාට තමන්ට වාසි වෙනස්කම්ද කලා. එමෙන්ම මේ පනත ගෙන කොටත් වධහිංසාව අපේ රටේ අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස පිලිඅරන් ඉවරයි.
කෙසේ වෙතත් මේ පනතේ නියුරන්බර්ග් (Nuremburg) ප්‍රතිපත්ති පිලි අරන් තියනවා ඒ කියන්නේ මිනිසකුට හොඳටම ගහලා, වධහිංසා කලේ යුද්ධයක් පවතින විට හෝ මගේ ඉහල නිලධාරිය කිව්ව නිසා තමයි වධහිංසා කලේ කියන දේවල් කියන්න බැ. වැඩ වරදිනවාමයි.
වධහිංසාව නිර්වචනය කරන්නේ යමෙකු විසින් තව කෙනෙකුට දැඩි වේදනාවක් ගෙන දෙන්නාවූ ශාරීරික හෝ මානසික පීඩාගෙන දෙන්නාවු ක්‍රියාවක් ලෙසයි. ඒ ක්‍රියාව තොරතුරු ලබා ගැනීමට හෝ වින්දිතයා හෝ වෙනත් අයෙකු කල ක්‍රියාවකට දඬුවම් කිරීමට හෝ බල කිරීමකට හෝ බිය ගැන්වීමට හෝ වෙනස්කොට සැලකීමට වධහිංසාව භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි මේ වරදට මහාධිකරණයක නඩු පැවරිය යුතුය.
මේ පනත සිවිල් පුද්ගලයන් සඳහා භාවිතා කල හැකී වුවත් එය කල හැක්කේ ඉතා දුලබ අවස්තාවල නැතහොත් එය ඌන භාවිත හෝ ඇත්තටම ඒ ගැන අවධානය යොමු කර නැත.
නැත්නම් විදේශිකයකුට මේ නීතීය බල පැවැත්වීම යනු සිවිල් පුද්ගලයකු අරභයාද මේ පනත බල පැවැත්වීම සහතික කිරීමයි. මොකද විදේශිකයා යන්න විදේශ නිලධාරියා යන්නුවෙන් නිර්වචනය කර නැති වීම නිසා.
මම හිතන විදියට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හසු නොවන සමහර වැරදි මේ පනත යටතේ ගත හැකී වීමයි. නමුත් නිර්වචනයේ ඇති මහජන නිලධාරියාගේ සහභාගීකම මේ පනත නැවත සීමාවකට ලක් කරයි. එහිදී වඩා වැදගත් වන්නේ මේ පනත වඩ වඩා භාවිතයෙන් දියුනු නීතියක් බවට පත් කිරීමයි.
වධ හිංසකයන්ට නීතිපති නඩු නොදමන්නේ නම් නඩු දමන ලෙස ඉල්ලා මැන්ඩාමුස් ආඥාවක් ඉල්ල සීටීය හැක, දැනට මේ පනත භාවිතා කර ඇත්තේ 150 කට ආසන්න ගනනකටය පනතේ වයස වසර 27 කි.
එහෙත් රජයේ නිලධාරීන් සඳහා භාවිතා කල හැක ඕනෑම රජයේ මහජන නිලධාරියෙකුට එරෙහිව මෙය භාවිතා කල හැක ග්‍රාමසේවක සිට ගුරුවරයකු හා අමාත්‍යංශ ලේකම්වරයකු දක්වා රජයේ අයට විරුද්ධව මෙය භාවිත කල හැක. පොදු මහජන නිලධාරියකුට එරෙහිව මෙය ලේසියෙන් භාවිතා කල හැක.
ශ්‍රී ලාංකීක නැවක ගුවන් යානයක හෝ ලංකාවෙන පිට ඒත් ශ්‍රී ලාංකීකයකු වන විට හා ශ්‍රී ලංකාව තුල විදේශිකයකු හා ස්වදේශිකයකු හට මේ නීතිය බල පැවැත්වේ.
ශ්‍රී ලාංකීකයකු නොවන විට හා ශ්‍රී ලංකාවෙන් පිටදී ශ්‍රී ලාංකිකයකු වරදක් කරන විට අගවිනිසුරු විසින් අදාල මහාධිකරණය තීරණය කරනු ලැබේ.
පාපොච්චාරණයක් කල බව ඔප්පු කිරීමට හැර නීතිය ඉදිරියේ භාවිතා කල නොහැකි පාපොච්චාරණ මේ පනත යටතේද භාවිතා කල නොහැක.
විදේශිකයකු වරදක් කරන විට අදාල තානාපති කාර්යාලය දැනුවත් කල යුතුය රටක් නැති පුද්ගලයකු දක්වා මෙය විහිදී යන්නේ මෙහි ඇති ජාත්‍යන්තර ස්වභාවය නිසා.
විදේශිකයකු අපේ රටේදී වදහිංසාව කල විට ඒ රටට දැන්වීම විදේශ ඇමති වරයාගේ වගකීමයි එමෙන්ම උදර්පනය හෝ ගත් පියවර ඒ රටට දැන්වීමද ඒ රට හිංසකයා ඉල්ලූ විට ඒ ගැන ක්‍රියා කිරීමද විදේශ අමාත්‍යවරයා කල යුතුය.
මේ කාරණය පහරදීම කියන කාරණයට වෙනස් එහි සම්බන්දිත වචන ලෙස කෘර හා අමානුශික යන වචන සැලකෙනවා ඒ නිසා කෘරත්වය හා අමානුශික බවත් වදහිංසාවේ අනුශාංගීක කොටස් ඒ කියන්නේ තදින් ඇලිලා තියන දේවල් ඒ නිසා වධහිංසාව කෘරත්වය හා අමානුශික කම උඩ වෙනවා නම් එවීට මෙය වඩාත් උචිතවේ
පනත දෙස නව ඇසකින් බැලීම
කෘරත්වය බොහෝ සමාජවල මුල් බැස තිබු නිසා එය ඉවත් කිරීම ජාත්‍යන්තරයට අවශ්‍යයම උනා එකයි මේ වගේ පනතක් ගෙනාවේ හිට්ලර් හෝ පොල්පොට් හෝ පිනොචේ වගේ කෘර නායකයන් ලෝකයේ හිටිය නිසාම. එතකොට වධහිංසාව නැති කිරීම තමයි අරමුණ, මේ පනත බොහෝ රටවල් මේ ආකරයටම ක්‍රියාත්මක කරයි එවිට අපේ රටේ පුරවැසීයකු පිටරටකදී වධහිංසාවට පත් වු විට ඒ රටේදි ඒ පුද්ගලයාට දඬුවම් කිරීමට බලපැම් කිරීමට මේ ජාත්‍යන්තර පනත භාවිතා කල හැක.
ජාත්‍යන්තර පනතේ 3 වන වගන්තිය අනුව අපේ රටේදී වධහිංසාවට පත් වෙන අයට වෙන රටවල් වලට ගිහින් සරනාගත බව හා පුරවැසි බව ගන්න පුලුවන් මේ පනත නීතියක්ව තියන රටවල වල යුරෝපයේ හා කැනඩාවේ මෙය කරනවා. අපි පනත සම්මත කරන කොට ඒ වගන්තිය අතුලත් වෙලා නැ. පිටරටකට ගිහිල්ල Refugee දානකොට අපේ රටේදී වධහිංසා වට ලක් වෙලා තියනවා කියල ඔප්පු කරන්න පුලුවන් නම් එතකොට පුරවැසි බව හා වීසා ගන්න පුලුවන් ඒව හොඳින්ම ඔප්පු කරන්න ඔනා . ඒක තමයි ජාත්‍යන්තර පනතේ 3 වන වගන්තියේ තියෙන්නේ.
අපේ රටේ පනතේ වගන්ති 12ක් උනාට ජාත්‍යන්ත සම්මුතිය වගන්ති 33ක් තියනවා එය වඩාත් පුළුල්. වධහිංසාව ලංකාවෙන් තුරන් කර දැමිය යුතුයි. වදහින්සාවට රජයේ නිලධාරීන්ට නීතිපති නඩු දාන්න ඕනා පනතේ වගන්ති කඩ කරන අයට විශේෂයෙන්ම පොලීසියට හා නීතිය හා සාමය ආරක්ෂා කරන අයට එවිට තමයි මේක අඩු කරන්න පුලුවන් තමන්ට එහෙම කරදරයක් උනාම නිකන් ඉන්න එපා.
ලංකාවේ විගමනික හෝ සංක්‍රමණික සේවකයන් ඒ කියන්නේ පිටරට ගිය අපේ අය සමහර රටවල් වල වධහිංසාවටලට ලක් වෙනවා අත පය කඩලා පිටවල් ස්තිරික්ක වලින් පුච්ච්ලා ඔලු පලලා වගේ දෙවල් එහෙම රටක උනාම ඒ රටේ නීතීය අනුව වන්දී ඉල්ලන්න හා නඩු දාන්න අපේ රටේ අය ක්‍රියාත්මක වෙන්න ඕනා අපේ තානාපතී කාර්යාලවලට බලපැම් කරන්න ඕනා විශේෂයෙන්ම ඒ රට මේ ජාත්‍යන්තර පනතට අත්සන් කරලා නම් ඒ කියන්නේ වන්දි ගන්නත් පුලුවන්, ලඟදී කරපු සංශෝධනයෙන් මේ පනත යටතේ ගත හැකි වන්දි වැඩි කලා,
වසර 7 කට නොඅඩු හා 10 කට නොවැඩි බරපතල සිරදඬුවම් ලැබෙනවා.
නීතිපති තුමාට ඉල්ලීමක් හෝ නීතීඥ වරයෙක් හරහා එන්තරවාසියක් යවන්න. මුලින්ම පොලිසියට හෝ මානව හිමිකම් කොමිසමට යන්න, පොලීසිය විසින් පොලිසියට එරෙහිව පැමිණිලි භාර ගන්නේ නැත්නම් පොලිස්පති සහන මැදිරියට, හෝ පොලිස් කොමිසමට පැමිණිලි කරන්න රෝහල් ගත වෙලා අධිකරණ වෛද්‍ය වාර්තාව ගන්නම ඕනා, ඒ වගෙම මේ සියල්ල එක්ක නීතිපතිට පැමිණිලි හෝ ඉල්ලීම් කරල පලක් නැත්නම්….. නීතිපතිට විරුද්ව මැන්ඩමූස් රීට් නඩුවක් දාන්න පුලුවන්. එතකොට වැඩේ කෙරෙයි.
-නීතිඥ ලක්ෂාන් ඩයස්-