ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත.ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම , ක්‍රියාව නිවැරැදි කිරීමට භාවිතා කළ හැකි අවසාන පිළියම පහර දීම බව අප විශ්වාස කිරීම සහ අප විසින් කුඩා කළ පාසලේදී හෝ නිවසේදී අත්දැකීමෙන් එය උගත් නිසාවෙනි.
නැතහොත් පහර දීමෙන් දරුවාගේ හැසිරීම් පාලනය කිරීම වඩාත් පහසු ලෙස අප සිතන නිසාත් අනෙකුත් මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට යන කාලය සහ කැපකිරීමට අප දක්වන අලස කම සහ අපගේ ආකල්ප නිසාත්ය…!
දෙවැන්න , දරුවා අනිසි චර්යාවක් නිරන්තරයෙන් කිරීම නිසා ඔහු හෝ ඇයට මානසික හෝ ශාරීරික බලපෑමක් හෝ නොමඟ යයි යන අනියත බියක් අප තුල පවතින නිසාය. එබැවින් දෙමව්පියන් වශයෙන් ඇතැම් විට සාධාරණ විය හැකිය. තෙවැන්න අප සහකරු හෝ සහකාරිය , ඥාතීන් , ආයතනික ප්‍රධානීන්ගෙන් ඇතිවන මානසික පීඩාකාරී තත්වයන්, ආර්ථික පීඩනය , අප තුල පවතින ඇතැම් මානසික ප්‍රශ්න , විශාදය ( Depression ) වැනි රෝග තත්වයන් නිසාද දරුවන් බොහෝ අවස්ථාවල පහර කෑමට ලක්වේ..
නමුත් දරුවාගේ හැසිරීම පාලනයට හෝ අප තුල ඔහුගේ හෝ ඇයගේ හැසිරීම මත ඇතිවන ක්ෂණික ආවේගය නිසා කළ පහරදීමෙන් පසුව බොහෝ ලෙස කම්පාවට පත්වන , පසුතැවෙන දෙමාපියන් කොතෙකුත් ඇත.මීට අමතරව අප දරුවාගේ ඉහතකී හැසිරීම් පාලනය කරන්නේ ඔහුව බියට පත් කිරීම තුලිනි( Fear Conditioning )..
නිරෝගී දරුවන් බොහෝවිට ක්‍රියාශීලී වන අතර ඔවුන්ගේ හැසිරීම් ද එකිනෙකා අතර බලන විට විවිධත්වයෙන් යුතුය..මන්ද විවිධ පෞරුෂයන් ය.ඔබ පහර දෙන විට , දරුවා ” අනේ අම්මේ ගහන්න එපා , තාත්තේ ගහන්න එපා ! යනුවෙන් බියට පත්ව හඬා වැළපෙන අයුරු කොතෙකුත් ඇත.ඇතැම් අවස්ථාවල එතනින් පළායාම , එම කෝටුව අල්ලා දෙකට කැඩීම සිදු කරයි..!බොහෝ දෙමාපියන් පහර දීම අනුමත කරන්නේ,” අපි මෙතන ඉන්නේ , ගුරුවරු , දෙමව්පියෝ අපට ගහපු නිසා….! “
” ඔය මනෝ වෛද්‍යවරු , මනෝ උපදේශකවරු ගේන බටහිර අදහස් ලංකාවට ගැලපෙන්නේ නැහැ “
” පුලුවන් නම් ඔයාලා කියන්න ගහන්නේ නැතුව හදන ක්‍රමයක් ? “
” ඉස්කෝලේ කොල්ලන්ව නොගහා හදන්න බැහැ…ඇට්ටරයි…! “
මෙවන් මතවාද අප තුල පවතී…
මේ තත්ත්වය තුල දරුවා දැඩි මානසික පසුගාමී තත්වයකට පත්වන අතර එය ඔහුගේ පෞරුෂ සංවර්ධනයට , නිර්මාණශීලිත්වයට ඍජුව බලපායි…!!!
මේවා අසාධාරණ යයි ඇතැම් විට පැවසීය නොහැක්කේ පරම්පරාවෙන් පරම්පරාවට පහරදීම අප විසින් උගත් චර්යාවක් නිසා සහ සමාජය තුල එය සාමාන්‍යකරණය වී ඇති නිසාය…ඒ නිසා අප හට පූරුදු පුහුණු විය හැක්කේ කුමක් ද ??????????
1.දරුවාට ආදරයෙන් ඇතැම් නොගැලපෙන චර්යාවන් ( Maladaptive behaviors ) නොකරන ලෙස සහ ඉන් ඇතිවන අනිටු විපාක පැහැදිලි කර දීම.
2. යහපත් , ගැලපෙන චර්යාවක් සිදු කිරීමට උනන්දු කරවීමට හෝ එය සිදු කලොත් වාචිකව අගය කීරීම ( Verbal Appreciation ) නැතහොත් යම් ත්‍යාගයක් ලබාදීම ( Positive Reinforcement )උදා : කැමැති විනෝද ස්ථානයකට රැගෙන යාම , ආහාරයක් , සෙල්ලම් බඩුවක් වැනි දෙයක් දීම…
3. නොගැලපෙන චර්යාවක් කළ විට වචනයෙන් අපගේ විරෝධය පළ කිරීම” පුතා මම ඒදේට කැමැති නැහැ ” , ඔයා කරපු දේ වැරදියි !
නැතහොත් ඔබට එමගින් ඇතිවූ හිත් තැවුල ප්‍රකාශ කරන්න..!”පුතා මේ දේ කළ හින්දා මට දුක හිතුනා ….”
දරුවන් සංවේදී නිසා සහ ඔබට ඇති ආදරය නිසා තම හැසිරීම නිවැරැදි කර ගනීවි..!
4.ඔවුන් සමග හැකි සෑම වෙලාවකම කාලය ගත කරන්න….! ක්‍රීඩා කරන්න , දුක සතුට බෙදා ගන්න..අමතක කරන්න එපා ! ඔවුන්ට බොහෝ දේ තේරෙනවා.
5. අපේක්ෂිත චර්‍යාවක් නොකල හොත් හෝ අපේක්ෂිත නොවන චර්යාවක් කළ හොත් ඔහු ප්‍රිය කරන යම් වස්තුවක් තාවකාලිකව හෝ ස්ථීරව ඉවත් කිරීම , ප්‍රියතම රූපවාහිනී වැඩසටහන එදින බැලීමට අවස්ථාව නොදීම ( Positive Punishment )ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටීනම් එය භාවිතය සීමා කිරීම , දවසට නිශ්චිත කාලයක් දී ඉන්පසු ඔබේ භාරයට ගැනීම කළ හැකියි..!
5. ඇතැම් දරුවන් මානසික සංකූලතා නිසා මුරන්ඩු හැසිරීම් පෙන්වනවා.
උදා : අධික්‍රියාශීලී දරුවන් ( Hyperactive ) , Conduct Disorders , Autistic Spectrum Disorders සහ වෙනත් මානසික සහ ශාරීරික සංකූලතා ඒ සඳහා ඔබ මනෝ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන් සහ මනෝ විද්‍යා වෘත්තිකයින්ගේ සහාය පැතිය යුතුමයි.. !
පහර දීම සමාජයේ මුල් බැස ඇති නිසා එය තුරන් කළ යුත්තේ ක්‍රමානුකූලවයි…ඒ නිසා මිනිස් චර්යාව හැසිරවීමේ , පුහුණු කිරීමේ විකල්ප ක්‍රමවේද ක්‍රමානුකූලව සමාජ ගත කිරීමෙන් වඩාත් නිරෝගී පෞරුෂයන්ගෙන් යුතු දරු පරපුරක් බිහි කර ගත හැකියි….!
– මධුර ගුණවර්ධන -මනෝ විද්‍යාඥ