1991 වසරේ දී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැඩි තර්ජනය සහ භීෂණය මැද සීදුව, රද්දොළුව මංසන්ධියේ දී අතුරුදහන් වූවන්ගේ සැමරුම පැවැත්වූයේ 16 දෙනකුගේ සහභාගිත්වයෙනි.
ඉන් පසු සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින බලයෙන් අතුරුදහන්කරවූවන් සිහිපත් කරවීමේ සමරු දිනයක් සීදුව රද්දොඑව හන්දියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරියේ පැවැත්වේ. මෙම දිනය අතුරුදහන් වූ පවුල්වල දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හා හිතවතුන් එකතුවී තමන්ගේ පවුල්වලින් අතරුදහන්වූවන් ලෙස විපතට පත්වූවන් සිහිපත් කොට ආගමික වතාවත් හා වෙනත් ආකාරයේ සිහිපත් කිරීම් කරණු ලබයි. මෙම උත්සවයට බෞද්ධ, කි්රස්තියානි, මුස්ලිම් ආදී විවිධ ආගම් වල පූජකවරුන් ද පැමිණේ.
අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිකරණ ලද්දේ 2000 වර්ෂයේදීය. එහි අරමුණ වූයේ මෙවැනි විශාල අපරාධයක් නැවත ඇති නොවීම ස`දහා මහජන දැනුවත් කිරීමක් හා අධිෂ්ඨානයක් ගොඩනැගීම සදහා 1991 වර්ෂයේ සිට අඛණ්ඩව පසුගිය අවුරුදු ගණනාවක් පුරාවට නොකඩවාම මෙම සිහිකිරීම පවත්වා ඇත. කාලයක් පුරාවට නොයෙකුත් බාධක කම්ක්ටොළු මැද අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව විසින් මෙම සිහි ගැන්වීම සිදු කරන ලදි.
මෙම සැමරුමට පාදක වන සිද්දිය වන්නේ, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ “ෆ්ලොරල් ග්‍රීන්ස්” ආයතනයේ සේවය කළ රංජිත් නැමැති කම්කරුවා, තම නීති උපදේශක සමඟ විනය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා සවස 4.00 ට එම ආයතනයට ගියත්, ඔවුන් ආපසු පැමිණෙන්නේ නෑ. පසුවදා ආරංචි වෙනවා, දෙන්නෙක්ගේ මළසිරුරු සීදුව – රද්දොළුව හන්දියේ දැවෙමින් තිබුණ බව. ඔවුන්ගේ පාවහන් සලකුණු අනුව ඒ ලයනල් සහ රංජීත් බව හඳුනාගනෙනවා. ඒ මිනි දෙකත් එතැනින් අතුරුදන් වෙනවා. පසුව දැනගන්න ලැබෙනවා විනය පරීක්ෂණයෙන් පසු ආපසු එමින් සිටින ඔවුන්ව 18 කණුව හන්දියේ පිට්ටනිය ළඟදී අංක තහඩු නොමැති වෑන් එකකින් පැහැරගෙන එදින මධ්‍යම රාත්රියේදී වෙඩි තියල මරා දමල පිලිස්සුව කියල.
රංජිත්ගේ ආදරවන්තිය ජයන්ති දන්දෙණියත්, එවකට වෙළඳ කලාපයේ සේවිකාවකි. ඇය වෙළඳ කලාපයේ අතුරුදහන්වූ කම්කරුවන් හොයන්න බ්‍රිටෝ සහෝදරයාත්, “දාබිඳු” කණ්ඩායමත් සමඟ ගන්න උත්සාහය තුළ තමයි මෙම අතුරුදන්වූවන් සොයා යන ගමන ආරම්භ වෙන්නේ.”
1991 ඔක්තෝබර් 27 වැනිදා සීදුව – රද්දොළුව හන්දියේ රංජිත් – ලයනල් ඇතුළු කලාපයේ අතුරුදැන්වුවන් සිහිපත් කරනවා. අතුරුදන්වුවන්ට සාධාරණය සහ නැවත එසේ සිදු නොවීම සඳහා මෙම සිහි කිරීම වාර්ෂිකව කළ යුතු බවට එදා ගත් තීන්දුව අනුව තමයි ඔක්තෝබර් 27 මෙම සිකිරීම වාර්ෂිකව සිදුවෙන්නේ
ඒ අනුව අතුරුදහන්වුවන්ට සාධාරණය හා නැවත සිදු නොවීම වෙනුවෙන් 1991 වසරේ සිට මේ දක්වා අඛංඩව මෙම සිහිකිරීම සිදුකරනු ලබනවා. නමුත් දැනට රට තුළ පවතින කොරෝනා තත්වය හේතුවෙන් නොයෙක් බාධක මැද අඛණ්ඩව සිදු කරගෙන ආ අණුස්මරනය මෙවර නොපැවැත්විනි.