Right To Life Human Rights Center

Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

අත්අඩංගුවේ සිටියදි මිය යාම් තවත් ඉහළට – නවගමුව පොලිස් ස්ථානය

ඩිලාන් මදුශංඛ සේනාධීර යන තරුණයා  පසුගිය ඔක්තෝබර් මස 28 වන දින නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන දින දෙකක් රඳවා තබා ගෙන සිටින අතරතුරදී වර්ෂ ඔක්තෝබර් මස 31 වන දින අළුයම වන විට ඔහු පොලිස් සිරමැදිරිය තුළදී සැකසහිත ලෙස මිය ගොස් තිබේ.

ඔක්තෝබර් මස 28 වන දින උදෑසන 10ට පමණ ඩිලාන් මදුශංඛ ඔහුගේ නිවසට ආසන්න ප්‍රදේශයේ ජීවත්වෙන ඔහු විවාහවීමට යෝජනා වී සිටින තැනැත්තියගේ නිවස වෙත පිටත්ව ගොස් ඇත. පසුව එදින දහවල් 2.00ට හෝ ඊට ආසන්න වේලාවකදී ඔහුගෙ මව හට ලැබුනු දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුනේ ඩිලාන් මදුශංක නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන නවගමුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි. පසුව එම අවස්ථාවේදීම මම ඔහු බැලීම සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත ඔහුගේ මව ගොස් ඇත. ඇය පොලිස් ස්ථානයට ගොස් විමසා ඇත්තේ පොලිස් නිලධාරීන්ගෙන් ඇයගේ පුත්‍රයාව අත් අඩංගුවට ගත්තේ කුමන චෝදනාවකටදැයි කියා විමසූ විටදී ඔවුන් කියා සිටියේ ඔහුව වරෙන්තුවක් මත අත් අඩංගුවට ගෙන ඇති බවත් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එම විස්තරය දැනගත් පසු ඇය ආපසු නිවස වෙත පැමිණ ඇත .

අනතුරුව ඊට පසු දින එනම් වර්ෂ 2020 ඔක්තෝබර් මස 29 වන දින පෙරවරු 8.00ත් 10.00ත් අතර හෝ ඊට ආසන්න කාලසීමාවකදී ඇය නවගමුව පොලීසිය වෙත ගොස් ඇත. එහි යන විට මාගේ පුත්‍රයා වන ඩිලාන් මදුශංඛ බරපතල ලෙස අසාධ්‍ය තත්වයෙන් සිටින ආකාරය දක්නට ලැබි ඇත. ඇය ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පෙර දින රාත්‍රියේදී පොලිස් නිලධාරින් විසින් ඔහුව බාල්කයක එල්ලා වැලි පුරවන ලද හෝස් බට වලින් සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යොදා ගන්නා ක්‍රිකට් පිත්තකින් ඔහුට දරුණු ලෙස පහර දුන් බවයි. එසේ කෲර හා අමානුෂික ලෙස පහර දෙමින් නවගමුව පොලිස් ස්ථානයේ සහ හංවැල්ල පොලිස් ස්ථානයේ පවතින සැකකරුවන් සොයා ගෙන නොමැති පැමිණිලි තමාට භාර ගන්නා ලෙස පොලිස් නිලධාරින් ඔහුට තර්ජනය කරමින් කියා සිටි බවද ඔහු මව වෙත කියා ඇත. පසුව  මෙම අසාධාරණය පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමට ඔහුගේ මව උත්සාහ කරන අවස්ථාවේදී හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කිහිපදෙනෙකු නවගමුව පොලිස් ස්ථානය වෙත පැමිණ සිටින ආකාරය දැකගත හැකි වූ අතර එසේ පැමිණ සිටි හංවැල්ල පොලිස් ස්ථානයේ සුජිත් නැමැති පොලිස් නිලධාරියා මව වෙත ප්‍රකාශ කර සිටි ඇත්තේ ” මූව බෝම්බ ආයුධ තියාගත්තා කියල දාලා වෙඩි තියල මරනවා” බවයි. එවිටම ඒ අසල සිටි නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ ” නවගමුව පොලීසියට ආපු එකෙක් ආයේ පන පිටින් යන්නේ නැහැ. මීට වඩා ලොකු අයත් අපිට හම්බුනා ඒ අයගෙත් කට වැහුවා” බවයි.

පසුව ඔහුගේ මව හඬමින් එම නිලධාරින් වෙත ” නීතියෙන් දඩුවම් ලබා දුන්නට කමක් නැහැ නමුත් මගේ පුතාව මරන්න එපා” යැයි ප්‍රකාශ කොට ආපසු නිවස වෙත පැමිණ ඇත. පසුව ඊට පසු දින එනම් වර්ෂ 2020 ඔක්තෝබර් මස 30 වන දින දහවල් සහ සවස් වරුවේ අවස්ථා දෙකකදී නවගමුව පොලිස් ස්ථානයට ගොස් බැලුවද ඩිලාන් මදුශංඛ යන අයව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකරමින් දිගින් දිගටම පොලිස් සිර මැදිරියේ රඳවා ගෙන සිටින ආකාරය දක්නට ලැබි ඇත. එදින පස්වරු 10.00 වන තෙක්ම පොලිස් ස්ථානයේ සිටිය නමුත්  පුත්‍රයාව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකළ අතර මව ආපසු නිවස වෙත පැමිණ ඇත.

පසුව ඊට පසු දින එනම් වර්ෂ 2020 ඔක්තෝබර් මස 31 වන දින   පෙරවරු 6.00ත් 7.00ත් අතර කාල සීමාවේදී ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන දිනේෂ් මදුශංඛ සේනාධීර යන අයගේ ජංගම දුරකථනය වෙත නවගමුව පොලිස් ස්ථානයේ දුරකථන අංකයෙන් ලැබුනු ඇමතුමකින් ඉක්මනින් පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වා සිටි අතර ඉන් සුළු වේලාවකින් නැවත එම අංකයෙන්ම ලැබුනු දුරකථන ඇමතුමක් ලබා ගත් පොලිස් නිලධාරියෙකු ” උඹේ මල්ලිට පොඩි ප්‍රශ්නයක් වෙලා ඉක්මනට වරෙං” යැයි දන්වා සිටින ලදි. අනතුරුව ඉන් සුළු වේලාවකට පසු ඇයගේ වැඩිමහළු සහෝදරයා වන උපුල් සමන්ත යන අයගෙන් ලැබුනු පණිවිඩයකින් මා හට දැනගන්නට ලැබුනේ මාගේ පුත්‍රයා වන ඩිලාන් මදුශංඛ සේනාධීර යන අය නවගමුව පොලිස් ස්ථානයේ පොලිස් සිර මැදිරිය තුළ සිටියදී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

මෙම මාසයට වාර්ථා වු පළමු මරණයද නොවේ. අන්තිම එක නොවන වගද සමාජයේ සිටින සියළු දෙනාමද දනි. මේ වන විටත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේන් මෙම සිද්ධියද ඇතුලුව මෙවැනි සිද්ධි සඳහා මැදිහත් වී අවශ්‍ය නීතිමය ක්‍රියාමර්ග ගෙන ඇත. නමුත් සමාජය තුලින් මෙයට ලොකු විරෝධයක් දක්වන තාක් මෙය සංස්කෘතියක් බවට පත්වනු ඇත.

මෙම මාසයට වාර්ථා වු පළමු මරණයද නොවේ. අන්තිම එක නොවන වගද සමාජයේ සිටින සියළු දෙනාමද දනි. මේ වන විටත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේන් මෙම සිද්ධියද ඇතුලුව මෙවැනි සිද්ධි සඳහා මැදිහත් වී අවශ්‍ය නීතිමය ක්‍රියාමර්ග ගෙන ඇත. නමුත් සමාජය තුලින් මෙයට ලොකු විරෝධයක් දක්වන තාක් මෙය සංස්කෘතියක් බවට පත්වනු ඇත.

Scroll to Top