සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව ගාල්ල දිස්ත්‍රික් හමුව මාර්තු 23 උදේ 10 ගාල්ල, මිනාරා හෝටලයේ දී පැවැත් විය.
මෙම සාකච්ඡාව සදහා 50 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර ඉන් 44 දෙනෙකු සහභාගී වී තිබුනි. මෙමහි දී පිලීගැනීම ගාල්ල මා.හි. ප්‍ර.ම සම්බන්ධිකාරක කාන්චනී කොඩිතුවක්කු මහත්මිය විසින් සිදු කරනු ලැබීය. සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා අවස්ථාවන් පිලිබද R2L ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක විසින් සිදු කරන ලදී.
රජය විසින් ගෙන එන ලද VSSO Act හා ඒ සම්බන්ධව සිවිල් සමාජ යෝජනා පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරි රැකී ප්‍රනාන්දු මහතා විසින් අදහස් දක්වන ලදී. ට්‍රාන්ස්පෙරන්සි ඉනටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ නදීශානි පෙරේරා මිය විසින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වයේ දී එහි විනිවිධ භාවය හා කාර්යක්ෂම තාවය පිළිබඳවත් අදහස් දක්වන ලදී. ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් රාජන නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කරනු ලබන කටයුතු නිසා ඇතිවන ප්‍රයෝගික ගැටලු හා ඊට ගත යුතු පිලියම් පිළිබදව අදහස් දැක්වීය. මෙහි දී සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරිත්වයේ දී අවධානය යොමු කළ යුතු ක්ෂෙත්‍ර ඩිජිටල් හා ශාරීරික ආරක්ෂා සම්බන්ධව රැකී ප්‍රනාන්දු විසින් තව දුරටත් අදහස් දක්වන ලදී.


