නාරාහේන්පිට පොලිසියේ පොලිස් සිර මැදිරියේ සැකකරු ගෙල වැල ලා ගන්නා තුරු පැය විසි හතරම සේවය කරන බව කියන පොලිස් ස්ථානයේ නිලධාරීන් හිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි නීතිඥ දුලාන් දසනායක මහතා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වදහිංසාවන්ට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් (26) දින දහවල් කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදි තවදුරටත් අදහස් දැක් වු නීතිඥ දුලාන් දසනායක මහතා මෙසේ පැවසුවේය.
“අද වදහිංසාවන්ට පාත්‍රවුවන්ට සහාය දැක්වීමේ ජත්‍යන්තර දිනය. ඒ වුනාට අද අපට පළමුවෙන්ම අසන්නට ලැබුණේ පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මිය ගිය පුවතයි. ඊට පෙර දින අසන්න ලැබුණේ නාරාහේන්පිට පොලිසියේ සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුල ගෙලවැලදාගෙන මිය ගිය පුවතය. පොලිස් සිර මැදිරි ඇත්තේ එසේ ගෙල වැලදා ගැනීමට පුලුවන් මට්ටමේද යන්න ප්‍රශ්නයක් මෙහිදී තියෙනවා. වදහිංසාවට එරෙහි නීතිය අදක ඊයේක හැදුන දෙයක් නොවේ. එය දණ්ඩ නීති සංග්‍රහයේ පවා 310 සිට 329 දක්වා වගන්ති වල තියෙනවා තුවාල සිදු කිරීම්, බරපතල තුවාල සිදු කිරීම් යටතේ පවා වදහිංසනයට ලක් කරන එක වළක්වලා. පොලිසිය කියන්නේ වදහිංසනයට ලක් කරන්නේ තොරතුරු ගැනීමට කියලා. නැතිනම් අපරාධය සොයා ගැනීමට කියලා. පොලීසිය එහෙම කිව්වට දණ්ඩ නීති සංග්‍රහයේ 321-322 වගන්ති වල පැහැදිලිවම තියෙන්නේ වරද කියාපෑමකට තුවාල සිදුකරන්න බැහැ කියලා.
පහුගිය කොරෝනා තත්ත්වය තුල පොලීසියට සහ මිලිටරියට යම් බලයක් සමාජය ඇතුලේ වගේම රටෙන් ලැබෙනවා. ඒ බලය පාවිච්චි වුනේ කොරෝනා මර්දනයටද කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා. ඒ බලය පාවිච්චි වෙන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන මට්ටමක නම්, මානව හිමිකම් කොමිෂන් සභාවත් පහුගිය දිනවල කියලා තිබුණා මේ බලය පාවිච්චි කිරීම සම්බන්ධව.
මෙහිදී පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ වදහිංසනයට ලක්ව මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින එස්.බී. මදුෂාන් නම් වින්දිත පොලිස් කොස්තාපල්වරාය අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.
මම ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳිලා වසර තුන හමාරක් වෙනවා. මගේ පළමු පත්වීම වුනේ අහංගම පොලිස් ස්ථානය. ඊළඟට මරදාන පොලිස් ස්ථානය. මම එහි වැඩ කරමින් සිටියදී මට උණ ගැනුණා. ඒ නිසා මම නිවාඩු ගියා. එතකොට කොරෝනා නිසා ඇඳීරි නීතිය ක්‍රියාත්මක වුනු දවස්. අපිට කිව්වා ළඟම පොලිසියට රිපෝට් කරන්න කියලා. මම පයාගල පොලීසියට ගියා. ඒ අප්‍රේල් 01 දා. මම එහි වැඩ කරමින් සිටින විට මට අප්‍රේල් 13 වෙනිදා පොලීසියේ මිලි මිටර් 9.9 වර්ගයේ පිස්තෝලයක් නැති වෙනවා. 15 වෙනිදා තමා මේ පිස්තෝලය නැහැ කියලා දැනගන්නේ. එතකොට මට මතක් වෙනවා 13 වෙනිදා ගිනි අවි ගන්න යනකොට තිබුණේ එකයි කියලා. මම ඒ ගැන පොලීසියට කිව්වා. 18 වෙනිදා මාව ඒ ගැන සැක කරලා කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මාව අරන් ගියා. එහිදී මට ගහලා වෙපන් එක කොහේද කියලා අහන්න ගත්තා. 19 වෙනිදා මාව අධිකරණ වෛද්‍යවරයෙක් ළඟට දාන්නේ නැතුව කලුතර බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියකට පෙන්නලා මාව උසාවි දාලා 28 වෙනකම් රිමානඩ් කළා. මාව ඊට පස්සේ බූස්ස අරන් ගියා. ඔවුන් මාව රිමාන්ඩ් කරලා තිබුණේ බොරු, වැරදි පනත් දාලා.
අවසානයේ මට රස්සාවත් නැති වුණා. වැරදි කරපු අය අද රස්සාවේ ඉන්නවා. මට ලොකු අසාධාරණයක් වුණේ.
මෙහිදී මෙම පොලිස් කොස්තාපල්වරයාගේ මව වු ජේ.ඒ.චමිලා නිලන්ති යන අයද මාධ්‍ය අමතමින් කියා සිටියේ තම සැමියාද පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන අවංක නිලධාරියෙක් නමුත් තම දරුවාටද සිදු වුයේ බලවත් අසාධාරණයක් බවය. මේ තුවක්කුව නැති කරලා තිබුණේ එස්.අයි. අමරසිංහ කියන කෙනා වන අතර ඒත් දඬුවම් ලැබුනේ සිය දරුවාට බවත් දරුවාට යුක්තිය ඉෂ්ඨ කරන ලෙසත් ඇය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට එක්ව සිටි පොලීසියේ වදහිසංනයට ලක් වූ බේරුවල තාරික් අහමඩ් නම් ඕටිසම් රෝගයෙන් පෙලෙන දරුවාගේ පියා වු මොහමඩ් ෆසීර් කියා සිටියේද තම අසනීප දරුවාට සිදු වූ වදහිංසනය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු විය යුතු බවය.
“වදහිංසාව කියන එක මේ සමාජයේ පැතීරිලා තියෙනවද කියලා මේ සිද්ධීන් වලින් පෙනී යනවා. ඒ වගේම කොච්චර වැහිලා තියෙනවද කියලාත් පෙනී යනවා. දිනපතාම සමාජයේ මෙවැනි සිදුවීම් සිදු වෙනවා. ඒ නිසා තමා වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව ලෙස අපි මේවාට මැදිහත් වෙන්නේ. අපේ අයිතිවාසිකම් වන සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ දේවල් අපට ලබා දෙන්න නම් රජයට විශාල වියදමක් දරන්න වෙනවා. නමුත් හිංසනය නවත්තන ඒසේ වියදම් වෙන්නේ නැහැ. කළ යුත්තේ නොකර සිටිමයි. නමුත් මේ සරලව නැවැත්විය හැකි දේ සිදු වන්නේ නැහැ.”
මෙම මාධ්‍ය හමුවේ පිළිගැනීම වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුවේ සම්බන්ධීකාරක ඇන්තනී විනෝද් මහතා විසින් සිදු කළේය.