ජනාධිපතිවරයාගේ කාර්‍යසාධක බලකායන් පත් කිරීම සමාජවාදී තරුණ සංගමය විග්‍රහ කරගන්නේ කොහොමද ?
ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන බලකණු තුනක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලා. එතකොට මේ ව්‍යවස්ථාව ඇතුලේ විධායකය සතු බලතල පිළිබඳවත්, ව්‍යවස්ථාදායකය සතු බලතල පිළිබඳවත්, අධිකරණය සතු බලතල පිළිබඳවත් පිළිබඳව පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට දැනට අපිට දැනෙමින් තිබෙනවා ව්‍යවස්ථාව සතු බලතල, ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා ඇමති මණ්ඩලය සතු යම් යම් බලතල, වර්තමානයේ රට ඇතුලේ උද්ගත තත්ත්වයන් පිට දාලා සක්‍රීය හමුදා සේවයේ සිටි නිළධාරීන් වෙත හෝ විශ්‍රාම ගිය හමුදා නිළධාරීන් වෙත පවරා දෙමින් තිබෙනවා කියන එක.
ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු හමුදා නිළධාරියෙක් නිසා හෝ ඔහු වටා වැඩියෙන් හමුදා නිළධාරීන් සිටීම මත හෝ ඔහු හමුදා නිළධාරීන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබනවා වෙන්න පුලුවන්. නමුත් මේ ක්‍රියාවලිය හරහා ව්‍යවස්ථාදායකය සතු යම් යම් බලතල විධායකය සතු කරගැනීමක් තමයි වෙන්නේ. මේක තමයි ගැටලුව. යුද්ධමය තත්ත්වයක් රට තුළ තිබෙනවා නම් වෙනත් සුවිශේෂී තත්ත්වයක් රට තුළ තිබෙනවා නම් අපිට කමක් නැහැ මෙවැනි පත් කිරීම් කළාට. නමුත් එහෙම කිසිම ප්‍රශ්නයක් නොමැති අවස්ථාවක සිවිල් පරිපාලනය ගෙනයන්න කිසිඳු බාධාවක් නොමැති මෙවැනි අවස්ථාවක මෙවැනි පත් කිරීම් ගැටලුකාරීයි.
අනික දැන් බලන්න, නැගෙනහිර පළාත අරඹයා පත් කර තිබෙන කාර්‍යසාධක බලකාය, ඊළඟට පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව පත්කර තිබෙන කාර්‍යසාධක බලකාය, ආර්ථිකය පිළිබඳව පත්කර තිබෙන කමිටුව, මේ පත් කිරීම් දිහා බලනකොට අපිට ඒවා මහා විහිළු විදිහට තමයි පෙනෙන්නේ. මට හිතෙන්නේ මේ කරන දෙයින් වෙන්නේ, මේ රටේ ජනතාවට හමුදාව ගැන යම් ප්‍රසාදයක් තිබෙනවා නම් ඒකත් නැති කරලා දාන එක. සක්‍රීය හමුදා සේවයේ අවුරුදු ගානක් හිටපු කෙනෙක් රටේ ආර්ථිකය නැන්වීම පිළිබඳව උපදෙස් දෙන්නේ කොහොමද? එතකොට සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය අසාර්ථක වෙන්න පුලුවන්. එතකොට ඒ අසාර්ථක වීම තුළ එම නිළධාරීන් හමුදා නිළධාරීන් ලෙස සිටියදී ලබාගත් යම් කීර්තියක් තියෙනවා නම් ඒකත් විනාශ වෙලා, ඔවුන් ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන්න පුලුවන්. එනිසා මේ තනතුරු ලබාදෙන අය වගේම, ඒවා ගන්න අයත් බැරෑරුම්ව හිතන්න ඕනෑ කියලා තමයි මම නම් හිතන්නේ. එනිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ක්‍රියාවලිය හරහා අපිට එන සාධාරණ සැකය තමයි, ඔහු මේ යන්නේ රට මිලිටරීකරණය කිරීමේ ගමන් මගකද කියන එක. ඒක අපිට විතරක් නෙවෙයි ඔහුට සහාය දෙන පාර්ශවය තුළත් ඇතිවෙලා තිබෙන තත්ත්වයක්.
ලංකාව ඇතුලේ දූෂණයට වංචාවට ලොල්, ඒවාට සම්බන්ධ රාජ්‍ය නිළධාරීන් ඉන්නවා කියල අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා මේ දූෂණයන්ට වංචාවන්ට විරුද්ධ අවංකව රාජ්‍ය නිළධාරීනුත් ඉන්නවා. එතකොට ඒ අවංක නිළධාරීන් ගේ හැකියාවන් දක්ෂතාවයන්, අපි මේ රටේ දියුණුවට භාවිතා කරගන්න ඕනෑ නැද්ද? යම් ප්‍රමානයක් වැරදි කළා කියලා සමස්ත නිළධාරී තන්ත්‍රයම අමතක කරලා අපිට මේ ගමන යන්න පුලුවන් ද? අනික් පැත්තෙන් ඔවුන්ට් ඒ නිසි තැන ලබා නොදීම හරහා මුළු රාජ්‍ය යාන්ත්‍රණයම අවුල් වෙන්න පුලුවන්. අපි දන්නවා වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණෙන්න කළින් ඔහු වියත්මග කියලා යම් පිරිසක් සමග වැඩ කළා. මේ සංවිධානය පිළිබඳව, එහි සිටින වියතුන් පිළිබඳව, අපිට දේශපාලන විවේචනයක් තිබෙනවා, නමුත් බලයට පැමිණි පසුව ඔවුන් පැත්තකට විසිකරලා මේ හමුදා නිළධාරීන් කෙරෙහි ජනාධිපතිවරයා විශ්වාසය තැබීම නිසාම අපිට නැවත ප්‍රශ්නයක් එනවා, ජනාධිපතිවරයා මේ කරමින් ඉන්නේ මිලිටරීකරණය ද?
ලීසිං ප්‍රශ්නයක් පිළිබඳව කතාකරන්න ගිය ත්‍රීවීලර් රථ සංගමයක ප්‍රබලයෙක් එම ලීසිං සමාගමේ මැරයින් විසින් ප්‍රහාරයක් එල්ලකරලා මරලා දානවා.. පෙරටුගාමීන්ගේ සාමකාමී උද්ඝෝෂණයකට පොලීසිය දැවැන්ත ප්‍රහරයක් එල්ලකරනවා.. මේ සිදුවීම් ඔබ කියවා ගන්නේ කොහොමද?
ඔබ දන්නවා ගියවර මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳව නොයේකුත් විවේචන තිබුණා. පාතාල ක්‍රියාකාරකම්, පැහැරගැනීම්, අනීතික ඝාතනයන් වගේ දේවල් ගැන. විශාල සංවාදයක් රට ඇතුලේ තිබුණා. නමුත් මේ ආණ්ඩුව පත්වීමේදී ඒ පාර්ශවයෙන් ප්‍රකාශ වුණ කතාව තමයි ඒ අනීතික ක්‍රියාවන් නැවත සිද්ධවෙන්නේ නෑ, ඒවා නැවැත්වීම සඳහා පැහැදිලි මැදිහත්වීමක් කරනවා කියන දේ. මට හිතෙන්නේ සමාජය ඒ ප්‍රකාශයන් විශ්වාස කළා විතරක් නෙවෙයි ඒවා බරපතළ විදිහට සැලකිල්ලට ගත්තා කියලා. අනික් පැත්තෙන් පාතාල ක්‍රියාකාරකම් වගේ දෙයක් ගත්තොත් මිනිස්සු හිතුවා ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් ජනාධිපති වුණොත් මේක දවසින් දෙකෙන් ඉවර කරන්න පුලුවන් කියලා. නමුත් අපි මේ මාස හයක කාලය තුළ දැක්කා පාතාල ක්‍රියාකාරකම් වල අනීතික ක්‍රියාකාරකම්වල විශාල වර්ධනයක්. එනිසා කඩවල් ඉස්සරහාට ඇවිත් මහා පාරේ මිනිස්සු ඝාතනය කරන සිදුවීම් අපි අත්වින්ඳා. මෑත කාලීනව ගත්තොත් ත්‍රීවීලර් රථ වුර්තීය සංගමයේ ඉහළ සාමාජිකයාට වුණ දේ අපි දැක්කා. ලීසීං ප්‍රශ්නයක් ගැන කතාකරන්න ගියාම ඔහු මහ පාරේ දහවල් මරලා දැම්මා. ඒ වගේම මීට සති කිහිපයකට කළින් අපි දැක්කා ඇමරිකානු තානාපති කාර්‍යාලය ඉදිරියට උද්ඝෝෂණය කරන්න ගිය පිරිසට මොකද උනේ කියන දේ. ඒක මර්දනය කරපු විදිහ ගැන ලොකු විවේචනයක් ආවා ආණ්ඩුවට.
එතකොට මේවා වර්ධනය වෙන්නේ රට තුළ කොවිඩ් වසංගතය උඩුදුවමින් තිබෙන වෙලාවක. එතකොට ආණ්ඩුව මේ කොවිඩ් තත්ත්වය පාවිච්චි කරමින් සිටිනවා තමන්ගේ දේශපාලනික උවමනාවන් වෙනුවෙන්. අනික් පැත්තෙන් ජනතාවට ලයිට් බිල පිළිබඳව, ලීසිං ප්‍රශ්නය පිළිබඳව, ණය වාරික ගෙවාගන්න ක්‍රමයක් නැතිවීම, ප්‍රශ්න රැසක් උද්ගතවෙලා තිබෙනවා. ආණ්ඩුව කොච්චර කීවත් ණය වාරික පිළිබඳ ප්‍රශ්නයට, රැකියා සුරක්ෂිතාව පිළිබඳ ප්‍රශ්නයට, උත්තර නෑ. ඉතිං මේ තත්ත්වය තුළ නැගඑන ජනතා ආතතිය මර්දනය මගින් පාලනය කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා නම් ඔවුන්ට අනාගතයක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.